Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2025 20:11:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් ‘ඉෆ්තාර්’ උත්සවයක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ගොල්ෆ් ක්ලබ් හි දී 2025 මාර්තු මස 25 දින ඉෆ්තාර් උත්සවය පවත්වන ලදී.

මෙම අවස්ථාවට දියතලාව සහ හපුතලේ ජුම්මා මුස්ලිම් පල්ලිවල පූජකවරුන් සමඟින් අනිකුත් සාමාජිකයන් සහ මහීර් මව්ලවි තුමා සහභාගි විය. එහිදී, මහීර් මව්ලවි තුමා ඉෆ්තාර් සහ උපවාසයේ වටිනාකම සහ වැදගත්කම පිළිබඳව දැනුවත් කල අතර පසුව, උපවාසය අත්හැරීම වෙනුවෙන් එම අවස්ථාවේදී අහාර අනුභව කිරීම සිදු කරන ලදී.