28th March 2025 11:54:24 Hours
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ උපදෙස් මත බෝයගනේ, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 22 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
සංවත්සරයට සමගාමීව, 2025 මාර්තු මස 15 දින මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ සහ මලියදේව පිරිමි ළමා නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලද අතර, තවද භටපිරිස් විසින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ වහලය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ද සිදුකරන ලදී.
අනතුරුව, 2025 මාර්තු මස 18 සහ 19 යන දිනයන්හිදී ‘පිරිත්’ සජ්ඣායනාවක් පවත්වා මහා සංඝරත්නය වෙත දානය පිළිගන්වනු ලැබීය. එහිදී එම රෙජිමේන්තුවට ආශිර්වාද කිරීම සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සිදුකරනු ලැබීය.
සංවත්සර දිනයේදී, භටපිරිස් විසින් රෙජිමේන්තු අධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනැමීය. අනතුරුව, රෙජිමේන්තු අධිපති විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විය. ඉන් පසුව, සියලු නිලයන් ආමන්ත්‍රණය කල එම ජ්‍යෙෂ්ඨ නිලධාරි එහිදී සියලු නිලයන්හි කැපවූ සේවය ඇගයීමට ලක්කළේය. එහිදී, ආපදා සහන කටයුතු සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් සහ විදේශීය මෙන්ම දේශීය පුහුණු පාඨමාලාවන් සඳහා සහභාගි වී දක්‍ෂතාවයන් දැක්වූ නිලධාරින් සහ සෙසුනිලයන් අගයමින් ඔවුන් වෙත සහතිකපත්‍ර සහ සම්මාන ප්‍රදානය කරන ලදී.
සැමරුම් උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විය.