25th March 2025 09:11:08 Hours
විශේෂ බලකා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP ndu psc 2025 මාර්තු මස 21 දින නාඋල, රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
නව රෙජිමේන්තු අධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.
නව ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP ndu psc, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධූරයේ ද රාජකාරි කටයුතු සිදුකරනු ලබයි.