2021-09-06 16:00:49
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ඉකුත් සිකුරාදා (03) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම උත්සවය 52 වන සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
2021-09-06 15:00:49
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකය මුලතිව් දස්ත්රීක්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරවිපංචාන් ගම්මානයේ යුද්ධ හමුදාව භාවිතා කරන ලද පර්චස් 36.8 ක භූමි ප්‍රමාණයක් නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛණ කරච්චි, ප්‍රාදේශීය ලේකම් බී. ජෙයහරන් මහතා වෙත භාරදුන්හ.
2021-09-06 14:00:49
ත්‍රිවිධ හමුදාව එක්ව 11 වන වරටත් සංවිධානය කරනු ලබන ත්‍රිවිධ හමුදා මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් සම්බන්ධ වන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඉකුත් සිකුරාදා (03) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම පුහුණු අභ්‍යාසයේ දෙවන දිනයේ, 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්...
2021-09-06 13:30:49
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් විජයගම, කොණ්ඩච්චි ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 45 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කළහ.
2021-09-06 13:00:49
මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම මාතලේ දිස්ත්‍රික් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සිය කාර්යභාරයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින...
2021-09-06 11:00:49
2021-09-06 10:00:49
කොවිඩ් -19වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දිවයිනපුරා පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මඩවල සහ වත්තේගම ප්‍රදේශවල යුද්ධ හමුදා විශේෂ ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් මුර සංචාරවල නිරතව සිටී. මෙම නිරීක්ෂණ කටයුතු පසුගිය සිකුරාදා (3) දින සිට ක්‍රියාත්මක කරන ලදී.
2021-09-06 09:00:49
24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 වන බලසේනාව යටතේ පාලනය වන 16 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින අම්පාර දිස්ත්‍රීක්කයේ පිහිටි හාඩි උසස් තාක්ෂණ ආයතනය පිරිසිදු කිරිමේ ශ්‍රමදානමය වැඩසටහනක් පැවැත් වූහ.
2021-09-04 11:07:15
කොවිඩ්-19 වෛරසය සහ ඩෙංගු වෛරසය ආසාධිතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ බ්‍රිගේඩියර් (ලේඛණ හා සැලසුම්) බ්‍රිගේඩියර් එස්.ඩි. උදයසේන ආර්එස්පී බ්‍රහස්පතින්දා (02) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
2021-09-03 13:20:30
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දෛනික ආදායම් මාර්ග අහිමි වී පීඩාවට පත් මඩු සහ තච්චනමරුතමඩු ප්‍රදේශයේ පවුල් වෙත වියලි සලාක පාර්සල් 50 ක් එක්සත් රාජධානියේ ‘ස්වේෂිනි’(‘Sweshini’) සංවිධානයේ අනුග්‍රහය ඇතිව ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට...