06th September 2021 13:00:49 Hours
මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම මාතලේ දිස්ත්‍රික් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සිය කාර්යභාරයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින පල්ලේපොල මහජන පුස්තකාල පරිශ්‍රයේ නව මෙහෙයුම් මැදිරියක් සහ ගිලන් රථ සේවාවක් ස්ථාපනය කෙරිණි.
හදිසි අවශ්‍යතාවයන්ට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරින් සමඟ එක්ව මෙම මෙහෙයුම් මැදිරිය සහ ගිලන් රථ සේවාව ආරම්භ කරන ලදී.
නව මෙහෙයුම් මැදිරිය සහ ගිලන් රථ සේවය ආරම්භ කිරීමේ අවස්ථාවට 53 වන සේනාංකයේ සේනාංකාධිපති, පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපති, 53 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පල්ලෙපොල ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.