06th September 2021 16:00:49 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ඉකුත් සිකුරාදා (03) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම උත්සවය 52 වන සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය. පසුව නව සේනාංකාධිපති මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළේය.
ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. පසුව නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතූ එතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.
මෙම අවස්ථාවට 52 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, 52 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිළධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.
මීට පෙර 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස් විදේශ පාඨමාලාවක් සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නව තනතුර සඳහා පත් වූ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්වීමට පෙර යුද්ධ හමුදා මුලස්ථානයේ සහකාර යුද සේවා ලේකම් ලෙස කටයුතු කරන ලදී.