Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2021 15:00:49 Hours

කරච්චි, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යුද්ධ හමුදාව භාවිතා කරන ලද ඉඩම් නැවත රාජ්‍ය නිලධාරීන් වෙත භාරදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකය මුලතිව් දස්ත්‍රීක්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරවිපංචාන් ගම්මානයේ යුද්ධ හමුදාව භාවිතා කරන ලද පර්චස් 36.8 ක භූමි ප්‍රමාණයක් නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛණ කරච්චි, ප්‍රාදේශීය ලේකම් බී. ජෙයහරන් මහතා වෙත භාරදුන්හ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ අධීක්‍ෂණය යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන නිදහස් කරන ලද භූමි ප්‍රමාණයට අදාළ ලිපි ලේඛණ සංකේතාත්මක ලෙස භාරදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.පී වෙලගෙදර කරච්චි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුලු 57 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.