06th September 2021 09:00:49 Hours
24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 වන බලසේනාව යටතේ පාලනය වන 16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින අම්පාර දිස්ත්‍රීක්කයේ පිහිටි හාඩි උසස් තාක්‍ෂණ ආයතනය පිරිසිදු කිරිමේ ශ්‍රමදානමය වැඩසටහනක් පැවැත් වූහ.
මෙම ශ්‍රමදානමය වැඩසටහනේදී භටපිරිස් ආයතන පරිශ්‍රය වටා ඇති වැට ප්‍රතිසංස්කරණය කර එහි පිරිසිදු කටයුතු සිදු කළේය.
මෙම ශ්‍රමදානමය වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 24 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 241 වන බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් සමන්ත කොඩිතුවක්කුගේ මඟපෙන්වීම මත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.