Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2021 10:00:49 Hours

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්වල සහය

කොවිඩ් -19වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දිවයිනපුරා පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේද යන්න නිරීක්‍ෂණය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මඩවල සහ වත්තේගම ප්‍රදේශවල යුද්ධ හමුදා විශේෂ ක්‍ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් මුර සංචාරවල නිරතව සිටී. මෙම නිරීක්‍ෂණ කටයුතු පසුගිය සිකුරාදා (3) දින සිට ක්‍රියාත්මක කරන ලදී.

මෙම නීරීක්‍ෂණ කටයුතුවලදී යුද්ධ හමුදා භටපිරිස් සෞඛ්‍ය උපදෙස් වලට අවනත නොවී නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින් මෙන්ම කඩ සාප්පු වෙළෙන්දුන්ටද‍ අවශ්‍ය උපදෙස් දුන්හ.

මෙම ක්‍රියාන්විතය ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් මඟපෙන්වීම මත බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.