2025-04-06 16:32:27
12 පාබල සේනාංකයේ 14 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc ගේ මඟපෙන්වීම යටතේ 2025 මාර්තු මස 30 දින සිට අප්‍රේල් මස 04 දින දක්වා වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
2025-04-06 14:53:23
54 පාබල සේනාංකය විසින් Bridging Lanka and the
2025-04-05 09:54:06
ශ්‍රී ලංකාව තුළ පැවති තිස් වසරක යුද්ධයේදී යොදාගත් බිම් වෙඩි කෙත් හේතුවෙන් දූෂ්‍යකරණයට ලක්වූ ප්‍රදේශයන්හි පාසල්වල ළමුන් සඳහා බෝම්බ සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ජාත්‍යන්තර බිම්බෝම්බ පිළිබඳව දැනුවත් කිරීමේ දිනයට සමගාමීව අප්‍රේල් මස 04 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වන ලදී.
2025-04-04 22:09:53
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් 2025 අප්‍රේල් මස 03 දින අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳව දේශනයක් පවත්වන ලදී.
2025-04-03 08:42:25
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 26 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.
2025-04-01 16:23:34
අධික වර්ෂාපතනය හේතුවෙන් සියඹලාණ්ඩුව, කරදණ්ඩාර
2025-04-01 16:23:13
මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc 2025 මාර්තු මස 17 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2025-03-30 12:41:03
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන මඟින් පවත්වනු ලැබූ
2025-03-30 12:40:30
54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 30 දින මන්නාරම රදගුරු පදවි මධ්‍යස්ථානයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් සහ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. සරණ බෞද්ධ පදනමේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා සී වොන්ග් චී මහතා, එම මහත්මිය සහ විදේශීය පරිත්‍යාගශීලීන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී..
2025-03-30 12:40:03
යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සමගාමීව සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය කළ ‘Living Legends’ වාර්තාමය ප්රවෘත්ති විශේෂාංගය රයිගම් ටෙලි සම්මාන උළලේදී ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර විය. ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී 2025 මාර්තු මස 29 දින පැවති මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 21 වැනි වරටය.