Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2025 12:41:03 Hours

Tailor–Made United Nations Military Observers Course and Aero Medical Evacuation Team Pre-Deployment Training පාඨමාලාව සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන මඟින් පවත්වනු ලැබූ Tailor–Made United Nations Military Observers Course and Aero Medical Evacuation Team Pre-Deployment Training පාඨමාලාව 2025 මාර්තු මස 27 දින සාර්ථකව අවසන් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කිරීමේ දී පැවරෙන විශේෂ කාර්යයන් පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් නිලධාරින් 17 දෙනෙකුගේ (ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 07 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 04 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරින් 06 දෙනෙකු) සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව 2025 මාර්තු මස 10 දින ආරම්භ කරනු ලැබීය.

මෙම පාඨමාලාවේ විෂය මාලාව සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා හඳුන්වාදීම, සාම සාධ රාජකාරීන් වලදී ඇතිවන නොයෙකුත් තත්ත්වයන් සඳහා මුහුන දෙන ආකාරය පිළිබඳ පුහුණුව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම්, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයන් ඇතුලත් විය.

පාඨමාලාවේ අවසන් දේශනය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ ද සිල්වා RSP USP nps psc, විසින් පාඨමාලාව සඳහා සහභාගි වූවන් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව, සමාප්ති දේශනය සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයින් සහභාගි වූහ.