Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2025 12:40:30 Hours

54 පාබල සේනාංකය විසින් පරිත්‍යාග වැඩසටහනක් සහ දානමය පිංකමක් සංවිධානය කරයි

54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 30 දින මන්නාරම රදගුරු පදවි මධ්‍යස්ථානයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් සහ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. සරණ බෞද්ධ පදනමේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා සී වොන්ග් චී මහතා, එම මහත්මිය සහ විදේශීය පරිත්‍යාගශීලීන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී..

වැඩසටහන පැවති දින සරණ බෞද්ධ පදනම මගින් මාතොට, රජමහා විහාරස්ථානයේදී 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි සහාය ඇතිව ශ්‍රී ලංකා රජරට බෞද්ධ භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා 60 නමක් වෙනුවෙන් දානය පිරිනමන ලදී. එහිදී, එම භික්ෂූන් වහන්සේලා වෙත අධ්‍යයන කටයුතු සඳහා එම පදනම විසින් රු. 10,000.00 බැගින් වූ මූල්‍යමය පරිත්‍යාගයන්ද සිදුකරන ලදී..

54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟ පෙන්වීම යටතේ පවත්වනු ලැබූ මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc, සහභාගී විය..