Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2025 22:09:53 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳව දේශනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් 2025 අප්‍රේල් මස 03 දින අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳව දේශනයක් පවත්වන ලදී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක එන්.එ‍ම් ලක්‍ෂ්මන් එදිරිමාන්න විසින් පවත්වනු ලැබූ මෙම දේශනයේදී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව කටයුතු කිරීමේදී ඇති වන අභියෝග පිළිබඳව අවබෝධයක් ලබාදුන්නේය.

මෙම දේශනය සඳහා නිලධාරින් 38 දෙනෙකු සහ සෙසුනිලයින් 480 දෙනෙකු සහභාගි වූහ.