06th April 2025 16:32:27 Hours
12 පාබල සේනාංකයේ 14 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc ගේ මඟපෙන්වීම යටතේ 2025 මාර්තු මස 30 දින සිට අප්‍රේල් මස 04 දින දක්වා වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
සැමරුම් උත්සවය ආරම්භ කරමින් ක්‍රිකට්, වොලිබෝල් සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩාවන් ඇතුලත් සේනාංකාධිපති අභියෝගතා කුසලාන තරඟාවලියක් පවත්වන ලදී. එසේම, එම සේනාංකයේ භටපිරිස් විසින් කංචදේව ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් 24 දෙනෙකු සඳහා රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ විනෝද චාරිකාවක් මාර්තු මස 30 දින සංවිධානය කරන ලදී.
සැමරුම් උත්සවයට සමඟාමීව සෙත්පිරිත් සජ්ඣායනාවක් සහ භික්ෂූන් වහන්සේලා 14 නමක් සඳහා දානමය පිංකමක් මාර්තු මස 31 දින සහ අප්‍රේල් මස 01 දින සේනාංක මූලාස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.එසේම එම සේනාංකයේ සහ සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනාවන් සහ ඒකකයන් හි ධජයන් වෙත ආශිර්වාද එක් කිරීමේ පූජාවන් අප්‍රේල් මස 01 දින කිරිවෙහෙර සහ කතරගම දේවාලයන්හි දී පවත්වන ලදී.
අප්‍රේල් මස 02 දිනට යෙදී තිබූ 12 පාබල සේනාංකයේ සංවත්සර දිනයේ දී 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. අනතුරුව, සේනාංකාධිපති විසින් භටපිරිස් ඇමතීම සිදුකරන ලදී. සැමරුම් උත්සවයේ කටයුතු අවසන් කරමින් අප්‍රේල් මස 04 දින එම සේනාංක මූලස්ථානයේ දී සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්විය.