30th March 2025 12:40:03 Hours
යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සමගාමීව සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය කළ ‘Living Legends’ වාර්තාමය ප්‍රවෘත්ති විශේෂාංගය රයිගම් ටෙලි සම්මාන උළලේදී ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර විය. ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී 2025 මාර්තු මස 29 දින පැවති මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 21 වැනි වරටය.
මෙම වාර්තාමය ප්‍රවෘත්ති විශේෂාංගය යුද්ධ හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් නිර්මාණය කරනු ලැබූ අතර එහිදී යුද්ධ හමුදාවේ සුවිශේෂීත්වය විදහාපාමින් විකාශය කළ අතර ඉන් යුද්ධ හමුදාවේ උරුමය, දරාගැනීමේ හැකියාව සහ කැපවීම මැනවින් පිළිබිඹු විය. ‘නිව්ස් ෆස්ට්’ ප්‍රවෘත්ති අංශයේ ඉමේෂ් උදයංග සදර්ලන්ඩ් මහතා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ මෙම වාර්තාමය ප්‍රවෘත්ති විශේෂාංගයට යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සහ පුහුණු පාසල් 10 ක් ආවරණය කරමින් නිර්මාණය කරනු ලැබිණි.
ජාතිය දැනුවත් කිරීම සහ ප්‍රබෝධමත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ අභිමානවත් ඉතිහාසය ඉස්මතු කරන වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කර ඉමේෂ් උදයංග සදර්ලන්ඩ් මහතා ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිමිකරගත් මෙම විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හෘදයාංගම සුබපැතුම් සහ කෘතඥතාවය පිරිනමයි.
(ඡායාරූප සඳහා අනුග්‍රාහකත්වය: www.raigamtelees.lk)