2023-04-25 17:49:21
වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජේ.එම්.එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (21) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-04-22 18:51:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඒ. එස්. එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී 2023 අප්‍රේල් 17 වන දින පවත්වන ලදී.
2023-04-20 20:29:02
කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එස්.ඒ. පතිරණ ආර්එස්පී පසුගිය බදාදා (19) දින රාජකාරි භාරගත්තේය.
2023-04-19 21:00:14
ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඊ ඒ ඩී පී එදිරිසිංහ පීඑස්සී 2023 මාර්තු මස 27 දින සිට 31 දින දක්වා කලය තුළ ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් ඒකකයන් වන 06, 11, 17, 19, 23, 2 (ස්වේච්ඡා) සහ 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා ඒකකයන්හී සංචාරයක නිරත වෙමින් එහි කාර්යභාර්යන් සහ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනයක නිරත විය.
2023-04-19 20:40:14
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම නිලයන් පලෙයි ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව සාම්ප්‍රදායික ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන්ගෙන් සමන්විත අලුත් අවුරුදු උත්සවයක් 2023 අප්‍රේල් මස 10 දින පලෙයි මහජන ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
2023-04-19 20:35:14
2023 මාර්තු මස 27 සිට අප්‍රේල් මස 08 දක්වා කාලය තුළ හම්බන්තොට, නාගරවැව පිහිටි 12 පාබල සේනාංක මූලස්ථානයේ 12 වන සංවත්සර දිනය නිමිත්තෙන් ප්‍රජා සේවා, ක්‍රීඩා ඉසව්, ආගමික උත්සව සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් පවත්වන ලදී.
2023-04-19 19:52:12
අඟහරුවාදා (18) දින පස්වරුවේ බූස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑ සොරෙකු දුටු බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සෙබළෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී සොරා අල්ලා ගන්නා ලදී.
2023-04-15 08:03:04
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මාර්තු මස 22 දින අනුරාධපුර, රණසේවාපුර පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2023-04-15 07:57:34
වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් පී.ඩී.ඒ.ජී.සේනාධීර යූඑස්පී සහ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස්.පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (08) දින ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-04-12 06:17:20
දශක තුනකට අධික යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ බණ්ඩාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී පසුගිය සෙනසුරාදා (08) දින පැවැත්විණි.