Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2023 20:35:14 Hours

12 පාබල සේනාංකයේ 12 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

2023 මාර්තු මස 27 සිට අප්‍රේල් මස 08 දක්වා කාලය තුළ හම්බන්තොට, නාගරවැව පිහිටි 12 පාබල සේනාංක මූලස්ථානයේ 12 වන සංවත්සර දිනය නිමිත්තෙන් ප්‍රජා සේවා, ක්‍රීඩා ඉසව්, ආගමික උත්සව සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් පවත්වන ලදී.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී. එම්. එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මාර්ගෝපදේශය මත සංවිධානය කරන ලද සංවත්සර සැමරුම් කටයුතු 2023 මාර්තු 27 වන දින කටුවැව හන්දියේ සිට කඳවුර දක්වා මාර්ග දෙපස පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන වැඩසටහනකින්’ ආරම්භ විය.

2023 මාර්තු මස 28 දින සිට 30 දක්වා කාලය තුළ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් පැවැත් විය.

සංවත්සර උත්සවයේ තවත් එක් අංගයක් ලෙස හම්බන්තොට සිරිබෝපුර කංචදේව ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 17 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ දිවා ආහාර වේලක් දී පිරිනැමිණි.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව සංවත්සර දින වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

සේනාංකාධිපතිතුමන් භටපිරිස් අමතා සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට අසුන් ගැනීමට ප්‍රථම එම පරිශ්‍රයේ ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කළ අතර එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

සංවත්සර දිනයේ අවසාන අංගය ලෙස, 2023 අප්‍රේල් 8 වන දින 12 පාබල සේනාංක ක්‍රීඩාංගණයේදී සන්ධ්‍යාව වර්ණවත් කරමින් සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්. ආර්. එම්. එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සංගීත සන්ධ්‍යාවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.