19th April 2023 20:40:14 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම නිලයන් පලෙයි ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව සාම්ප්‍රදායික ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන්ගෙන් සමන්විත අලුත් අවුරුදු උත්සවයක් 2023 අප්‍රේල් මස 10 දින පලෙයි මහජන ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
අලුත් අවුරුදු උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී වූයේය.
අලුත් අවුරුදු උත්සවය වර්ණවත් කරමින් කොට්ටා පොරය, කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, පොල් අතු විවීම, පොල් ගෑම, සංගීත පුටු තරඟය, බැලුම් පිපිරවීම, බනිස් කෑම, ගෝනි රේස්, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යෑම සහ විකට ඇදුම් තරඟය ඇතුළු සාම්ප්‍රදායික ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසක් පැවැත්වූහ.
අලුත් අවුරුදු උත්සවයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 55 පාබල සේනාංක භට පිරිස්වල සහය ඇතිව එම ස්ථානයේ වෙළෙඳ ප්‍රදර්ශනයක් ද සංවිධානය කරන ලදී.
55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පී එන්ඩියූ පීඑස්සී අයිජී ගේ මගපෙන්වීම මත, 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ එස් එස් රදැල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 552 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන කටයුතු නිලධාරි ලුතිනන් කර්නල් ආර් ආර් එස් දෙහිගලගේ සම්බන්ධීකරණයෙන් පලාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පලෙයි පොලිස් ස්ථානය, පලාලි වෙළඳ සංගමය, සිවිල් කණ්ඩායම් සහ අනුග්‍රාහකයින් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නංවන ලදී.
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා 551 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 55 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, බලසේනාවල සහ බලඇණිවල නිලධාරීන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පලාලි ප්‍රාදේශීය ලේකම් අජිත් ගුණරත්න මහතා, පලෙයි පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ක්‍රිෂ්ණ රාජේන්ද්‍රන්, පලෙයි වෙළඳ සංගමයේ සභාපති කුලරත්න මහතා, හින්දු සංගමයේ නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන්, පරිත්‍යාගශීලි මාතාන් මහතා ඇතුළු සිවිල් වැසියන් පිරිසක් සහභාගි වූහ.