15th April 2023 08:03:04 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මාර්තු මස 22 දින අනුරාධපුර, රණසේවාපුර පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.
එතුමන්, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට සංකේතාත්මකව අත්සන් තබමින් නව සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. නව සේනාංකාධිපතිතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව එම සේනාංක මූලස්ථානයේ සියලු භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය. භටපිරිස් අමතමින් එතුමන් මානුෂිය මෙහෙයුම පැවති සමයේදී හා ඉන් පසුවද සිවිල් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබන ප්‍රජාසත්කාරක වැඩසටහන් පිළිබඳවත් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා උසස් අන්දමින් හමුදා විනය පවත්වාගෙන යාමට සියලුම නිලයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවත් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
උත්සවය අවස්ථාව සඳහා එම සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 21 වන පාබල සේනාංකයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.