19th April 2023 21:00:14 Hours
ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඊ ඒ ඩී පී එදිරිසිංහ පීඑස්සී 2023 මාර්තු මස 27 දින සිට 31 දින දක්වා කලය තුළ ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් ඒකකයන් වන 06, 11, 17, 19, 23, 2 (ස්වේච්ඡා) සහ 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා ඒකකයන්හී සංචාරයක නිරත වෙමින් එහි කාර්යභාර්යන් සහ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනයක නිරත විය.
අප්‍රේල් මස 4 සිට 5 මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථාපිත 7 ගැමුණු හේවා බලඇණියේ සහ කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත 8 ගැමුණු හේවා බලඇණියේ සංචාරයක නිරත වෙමින් එහි නිලධාරීන් සහ භටපිරිස් ඇමතු ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් යුද්ධ හමුදාවේ අභිමානය සහ රෙජිමේන්තුවේ අභිමානය රැකගැනීම සඳහා සැබෑ සෙබළෙකුගේ සේවයේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.
හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති මෙම සංචාරය සඳහා ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.