15th April 2023 07:57:34 Hours
වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් පී.ඩී.ඒ.ජී.සේනාධීර යූඑස්පී සහ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස්.පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (08) දින ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් පී.ඩී.ඒ.ජී.සේනාධීර යූඑස්පී සහ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස්.පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත එම රෙජිමෙන්තුවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. අනතුරුව මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීමෙන් පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙත හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ.
නුදුරේදි විශ්‍රාම ගැනීමට නියමිත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙත ගැමුණු හේවා බලකා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා ඉරිදා (08) දින කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යන අවස්ථාවේදී එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් කඳවුරු පරිශ්‍රයේ ඇති මාර්ගයේ දෙපස සිට ගෞරවාචාරය පිරිනමනු ලැබූහ.
එහිදී ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා ගැමුණු හේවා බලකාය වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපවීම වෙනුවෙන් හෘදයාංගම කෘතවේදීත්වය පුදකරමින් නිරෝගී, සැපවත්, සුභ අනාගතයක් ප්‍රාර්ථනා කළහ.