12th April 2023 06:17:20 Hours
දශක තුනකට අධික යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ බණ්ඩාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී පසුගිය සෙනසුරාදා (08) දින පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ බණ්ඩාර වෙත වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.
බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ බණ්ඩාර වෙනුවෙන් හමුදා චාරිත්‍රානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක්, පැවැත්වූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගී වූහ. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් විසින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවිය සිහිපත් කරමින් සිය කෘතවේදීත්වය සහ ප්‍රශංසාව පිරිනමන ලදී.
බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ බණ්ඩාර අනතුරුව තම සේවා කාලය තුල ලබාදුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන්, එම බලකායේ සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයන් වෙත සිය කෘතවේදීත්වය පුද කරන ලදී. අනතුරුව එතුමන් කනිෂ්ඨ නිලධාරීන් සමගින් තම යුද්ධ හමුදා දිවියේ අත්දැකීම් හුවමාරු කරගනිමින් යුද්ධ හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා කරගැනීමට විනයගරුක පොලිස් හේවා බලකා නිලධාරියෙකු ලෙස රාජකාරි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන්, යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, එම බලකායේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.