2023-08-05 07:42:24
522 පාබල බලසේනාවේ භට පිරිස් වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ පෙරියපච්චපලෙයි ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) කටයුතු කරන ලදී.
2023-08-05 07:34:55
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින පල්ලෙකැලේ පිහිටි 11 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව 10 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
2023-08-05 07:08:09
2023-08-04 00:45:11
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මිරිසුවිල් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින සිදු කරන ලදී.
2023-08-04 00:30:22
තලවාකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුකර ප්‍රදේශයේ නාඳුනන කාන්තා මළ සිරුර සොයාගැනීමේ කාර්යයක නිරතව සිටියදී 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු කෝප්රල් කේ.එම්.එස්.කේ හේරත්, පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය. එම කොමිෂන් නොලත් නිලධාරීගේ නාමය තම රාජකාරිය කැපවීමෙන් යුතුව සිදුකරමින් සිටියදී රට දැය වෙනුවෙන් දිවිදුන් විරුවන් හා එක් වෙයි.
2023-08-04 00:13:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 61 වන වැඩසටහන උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළ පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුලි මස 29) දින ක්‍රියාත්මක කරන ලදී.
2023-08-04 00:05:16
2023-08-04 00:00:51
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී වේයන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව, මධ්‍යම අවි සහ පතරොම් ගබඩාව සහ යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව යන ආයතනවල වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පසුගිය ජුලි මස 24 දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2023-08-02 22:20:13
ග්‍රේට් වෙස්ටර්න් කඳුකර ප්‍රදේශයේදී කඳු බෑවුමකින් ඇදවැටි පසුගිය බදාදා (2) දින අලුයම මියගිය බවට සැකකෙරෙන නාඳුනන කාන්තා මළ සිරුර සොයාගැනීමේ කටයුතු සඳහා තලවාකැලේ ලිඳුල පොලිස් ස්ථානයේ ඉල්ලීමකට අනුව 112 පාබල බලසේනාවේ කමාන්ඩෝ භට කණ්ඩායමක් සමඟ 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්වූහ.
2023-08-02 22:13:33
එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කණ්ඩායමේ සහභාගීත්වයෙන් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි කරනු ලබන මෙරට යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩයේ උපකරණ පරීක්ෂාව (COE) පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින ගාඕ හි ‘Super Camp’ පරිශ්‍රයේදී පැවැත්වූහ.