Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2023 07:42:24 Hours

පෙරියපච්චපලෙයි ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

522 පාබල බලසේනාවේ භට පිරිස් වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ පෙරියපච්චපලෙයි ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) කටයුතු කරන ලදී.

ලැව් ගින්න පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් වීමත් සමඟ යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු භටපිරිස් කණ්ඩායමක් එම ස්ථානයට කඩිනමින් ගොස් වේගයෙන් පැතිරී ගිය ලැව් ගින්න පාලනය කරනු ලැබීය. 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී මෙම මෙහෙයුම සමීපව අධීක්‍ෂණය කරන ලදී.