Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2023 07:08:09 Hours

55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් තම බලප්‍රදේශයේ සංචාරයක

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගියදා පුනරීන් හි පිහිටි 552 පාබල බලසේනාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එස්.එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සංචාරය අතරතුරදී 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත 552 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරනු ලැබීය. ඉන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූප කීපයකටද පෙනී සිටින ලදී.

මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ඉන් අනතුරුව ජයපුරම් හි පිහිටි 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙතද පැමිණි අතර, එහිදී සියළු භටපිරිස් අමතක ලදී. අනතුරුව කඳවුරු පරීක්‍ෂාව සිදුකරමින් භටපිරිස්හි සුභසාදන කටයුතු පිළිබඳව සොයා බලනු ලැබීය. සංචාරය අවසන් කිරීමට ප්‍රථම වෙට්ටකාඩු පිහිටි 22 විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරැ පරිශ්‍රයේද සංචාරයේ නිරත විය. යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් එම අවස්ථාව සඳහා සහභාගී වූහ.