Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2023 22:20:13 Hours

ග්‍රේට් වෙස්ටර්න් ප්‍රදේශයේ කඳු බෑවුමකින් ඇදවැටී මියගිය කාන්තාව යුද්ධ හමුදා භටපිරිස් විසින් සොයාගනී

ග්‍රේට් වෙස්ටර්න් කඳුකර ප්‍රදේශයේදී කඳු බෑවුමකින් ඇදවැටි පසුගිය බදාදා (2) දින අලුයම මියගිය බවට සැකකෙරෙන නාඳුනන කාන්තා මළ සිරුර සොයාගැනීමේ කටයුතු සඳහා තලවාකැලේ ලිඳුල පොලිස් ස්ථානයේ ඉල්ලීමකට අනුව 112 පාබල බලසේනාවේ කමාන්ඩෝ භට කණ්ඩායමක් සමඟ 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්වූහ.

යුද්ධ හමුදා භටපිරිස් දේහය සොයාගැනීමෙන් පසු එම දේහය ආරක්‍ෂිතව රැගෙන ගොස් ලිඳුල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සමඟ නුවරඑළිය රෝහල වෙත භාරදීමට කටයුතු කරන ලදී.

ජීවිතක්‍ෂයට පත් කාන්තාවගේ දේහය සෙවීමේ කටයුතු සඳහා එක් වූ යුද්ධ හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ අතර රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිට ඇත. ඒ පිළිබඳවත්, පශ්චාත් මරණ පරීක්‍ෂණ සහ පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.