Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2023 00:05:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක, ධූරයේ රාජකාරී අරඹයි

යුද්ධ හමුදා විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන බ්‍රිගේඩියර් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක ලෙස පසුගිය ජූලි මස 20 වන දින සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව එතුමන් රටවෙනුවන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව එතුමන් වෙත භටපිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනමනු ලැබීය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

අනතුරුව එතුමන් චීන - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී සියලු භටපිරිස් අමතමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අරමුණු, දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු දෙනාගේ දායකත්වය සහ සහයෝගය දැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය.උත්සවයේ වැඩකටයුතු අවසානයේදී එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූ අතර, එහිදී භටපිරිස් සමගින් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්තේය.