Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2023 00:00:51 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී වේයන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව, මධ්‍යම අවි සහ පතරොම් ගබඩාව සහ යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව යන ආයතනවල වත්මන් තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා පසුගිය ජුලි මස 24 දින එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

චාරිකාව අතරතුර, එතුමන් එම කර්මාන්තශාලාව සහ ගබඩාවන්හි කාර්යයන් අධීක්‍ෂණය කළ අතර, තවදුරටත් එම අයතනයන්හි ඵලදායීතාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.නිරීක්‍ෂණ චාරිකාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.