2023-10-06 22:05:08
ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ තේවනුවර, මයිලන්කුලම් පාසලේ ළමුන් 307දෙනෙකු වෙත පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 02) දින භෝජන සංග්‍රහයක් පිරිනවා ක්‍රීඩා අංග සහ කැලිප්සෝ සංගීත රසාස්වාදය ලබාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2023-10-06 21:53:29
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස 18 දින කුරුණෑගල පිහිටි 583 පාබල බලසේනාවවෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2023-10-06 11:22:38
දෙණියාය බලා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරෙන් මගීන් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින්, නාවික හා ගුවන් හමුදා භටයන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සේවකයන් සහ කොළඹ නගර සභාවේ සේවකයන් ඇතුළු පිරිසක් කඩිනමින් ඔවුන් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබූහ.
2023-10-05 20:02:01
මාතර දිස්ත්‍රික්කයට ඔක්තෝබර් මස 02 වන දින සිට බලපෑ අධික වර්ෂාවෙන් හා ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන ඉවත් කිරීම්, සහන සැලසීම සහ නැවත ස්ථානගත කිරීම් කටයුතු සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර 61 පාබල සේනාංකය 613 පාබල බලසේනාවට අයත් 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් දායක වූහ.
2023-10-05 19:56:25
55 පාබල සේනාංකයේ 552 පාබල බලසේනාව සහ 22 විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි උපාධිධාරීන්ගේ අනුග්‍රහය ඇතිව පුනරීන් විනයසෝදේ දමිළ විද්‍යාලයේ සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් පාවහන් පාසල් දරුවන්ගේ දෙමාවුපියන් සඳහා පොල් පැළ ඉකුත් සඳුදා (ඔක්තෝබර් 2) දින එම පාසල් පරිශ්‍රයේ පැවැති උත්සයකදී බෙදා දෙන ලදී.
2023-10-05 19:46:36
වැලිකන්ද, පූනානි ප්‍රදේශයේ කුඹුරු අක්කර 20 කට අධික ප්‍රමාණයක් ආවරණය කරමින් 23 පාබල සේනාංකයේ භටපිරිස් වගාකරනු ලැබූ යල කන්නයේ පළමු වී අස්වැන්න නෙලීමේ සම්ප්‍රදායික ‘අලුත් සහල් මංගල්‍ය’ (අස්වැන්න නෙලීමේ උත්සවය) පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 29) දින පැවැත්වූහ.
2023-10-05 19:40:52
සුගතදාස, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 15ක් දිනා ගනිමින් ජයග්‍රාහී ලෙස තරඟාවලිය අවසන් කළහ.
2023-10-05 19:39:52
ලෝක ළමා දිනය වෙනුවෙන් අම්පාර, කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ ළමුන් 40 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන් ලබාදීමේ සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ උත්සවයක් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 02) පැවැත්වීය.
2023-10-04 21:29:05
22 පාබල සේනාංකයේ 223 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් 65 දෙනෙකුට අධික පිරිසක් එක්වී පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 01) දින තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ සහ රසායනාගාර ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සිය දායකත්වය දැක්වූහ.
2023-10-04 21:25:24
74 වන යුද්ධ හමුදා සංවත්සරය, ජාත්‍යන්තර වැඩිහිටි හා ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින බත්තරමුල්ල, නගරසභා ළමා සහ වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.