Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2023 21:53:29 Hours

58 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 583 පාබල බලසේනාවේ පළමු නිල සංචාරය සිදුකරයි

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස 18 දින කුරුණෑගල පිහිටි 583 පාබල බලසේනාවවෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

583 පාබල සේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එන්.කේ පෙරේරා විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 583 පාබල බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, එම සංචාරය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

සංචාරය අතරතුරදී, 583 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 6 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් විසින් එම බලසේනාවේ සහ ඒකකයන්හි කාර්යයන් සහ වර්තමානයේ මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත දැනුවත් කරන ලදී.

මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එහිදී භටපිරිස් අමතමින් යුද්ධ හමුදාව තුළ මනා විනයක් පවත්වාගෙන යමින් රාජකාරි කටයුතුවල නිරතවීමේ වැදගත්කම පිළිබඳ පැහැදිළි කලේය.