Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2023 19:39:52 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ ළමුන් සඳහා පාසල් පාවහන් ලබාදෙයි

ලෝක ළමා දිනය වෙනුවෙන් අම්පාර, කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ ළමුන් 40 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන් ලබාදීමේ සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ උත්සවයක් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 02) පැවැත්වීය.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 241 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී සහභාගී වූ අතර, 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.යූ.ආර් කළුආරච්චි ආර්එස්පී විසින් සංවිධානය කරන ලද උත්සවයේ කටයුතු සඳහා එම ඒකකයේ සියලුම නිළයන් සිය දායකත්වය ලබාදුන්හ.

18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් උත්සව අවස්ථාවේදී පාසල් ළමුන් සහ ගුරුවරුන් සඳහා සංගීත රසාස්වාදය සැපයු අතර, ගුරුවරුන් වෙනුවෙන්ද දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීණි.