Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2023 19:56:25 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පුනරීන් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගල 100ක් බෙදාදෙයි

55 පාබල සේනාංකයේ 552 පාබල බලසේනාව සහ 22 විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි උපාධිධාරීන්ගේ අනුග්‍රහය ඇතිව පුනරීන් විනයසෝදේ දමිළ විද්‍යාලයේ සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් පාවහන් පාසල් දරුවන්ගේ දෙමාවුපියන් සඳහා පොල් පැළ ඉකුත් සඳුදා (ඔක්තෝබර් 2) දින එම පාසල් පරිශ්‍රයේ පැවැති උත්සයකදී බෙදා දෙන ලදී.

ජාත්‍යන්තර ළමා දිනය සහ එළැඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 74 වන සංවත්සරයට සමගාමීව මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීයූ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවේදී පාවහන් යුගලවලට අමතරව පොල් පැළ 100ක් ද එම සිසුන්ගේ දෙමාපියන් වෙත බෙදාදෙන ලදී.

මෙම වැඩසටහනට 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එස්.එස් රදලගේ ආර්ඩබ්ලිව්පී, නිලධාරීන්, සෙසු නිලයන් සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අනුග්‍රහක දායකත්වය දැක්වූ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ද සහභාගී වූහ.