Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2023 22:05:08 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් 143 පාබල බලසේනාව විශේෂ වැඩසටහනක් සංවිධානය කරයි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ තේවනුවර, මයිලන්කුලම් පාසලේ ළමුන් 307දෙනෙකු වෙත පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 02) දින භෝජන සංග්‍රහයක් පිරිනවා ක්‍රීඩා අංග සහ කැලිප්සෝ සංගීත රසාස්වාදය ලබාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

විනෝද ක්‍රීඩා තරඟ, නැටුම්, ගැයුම් ආදී විවිධ වැඩසටහන් සඳහා පෙර පාසල් ළමුන් ඉදිරිපත්වී තම කුසලතා ප්‍රදර්ශනය කල අතර, ඊට ගුරුවරුන් ද සහාය දැක්වීය.

උත්සවය අතරතුරදී පුත්තලම දිස්ත්‍රික්කයේ පරිත්‍යාශීලීන් වන වයි.එම් රිස්වි, එෆ්.එම් නවුෂාඩ්, සහ නස්මි අබ්දීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් රු. 50,000.00 ක වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් සහ අධ්‍යාපනික උපාංග ළමුන් වෙත බෙදාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව සඳහා ආරාධිත අමුත්තන් වශයෙන් 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් සහභාගී වූහ. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වූහ.