Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2023 20:02:01 Hours

61 පාබල සේනාංකයේ භටපිරිස් මාතර ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සහය වේ

මාතර දිස්ත්‍රික්කයට ඔක්තෝබර් මස 02 වන දින සිට බලපෑ අධික වර්ෂාවෙන් හා ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන ඉවත් කිරීම්, සහන සැලසීම සහ නැවත ස්ථානගත කිරීම් කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර 61 පාබල සේනාංකය 613 පාබල බලසේනාවට අයත් 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් දායක වූහ.

තිහගොඩ සහ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශවලට වර්ෂාපතනය උග්‍රවීම සහ ගංවතුර මට්ටම ඉහළ යාමත් සමඟ ජනතාවට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදු විය.

මෙම මානුෂීය සහන මෙහෙයුම් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස්වල ක්‍රියාකාරී මැදිහත්වීමෙන් ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමට දායකත්වය ලබා දෙන ලදී.

භටපිරිස් විසින් සිවිල් වැසියන් ඉවත් කිරීම, කඩා වැටුණු ගස් සහ සුන්බුන් ඉවත් කිරීම, අවතැන් වූ නිවාස සහ බඩු බාහිරාදිය සඳහා ආරක්ෂාව සැපයීම, කඩිනම් සහන සැලසීම වහලවල් අලුත්වැඩියා කිරීම සඳහා සහය වූහ.

භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ගංවතුර හේතුවෙන් ඇති වීමට ගිය විශාල හානියක් වලක්වා ගැනීමට හැකි විය.