2023-10-12 19:41:27
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඔක්තෝබර් මස 4 සහ 5 දෙදින තුළ ලක්ෂපාන ප්‍රදේශයේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සංචාරයක නිරත වෙමින් එම කඳවුරු පරිශ්‍රයෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලීය.
2023-10-11 23:11:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති සහ කුරුණෑගල බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (ඕක්තෝම්බර් මස 08) දින පවත්වනු ලැබීය.
2023-10-11 23:08:12
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයේ සේවය කරන විවිධ ජාතීන් ගේ සූපශාස්ත්‍ර හැකියාවන් ප්‍රදර්ශනය කරනු ලබන වසරේ කැපී පෙනෙන අංගයක් වන ‘ජාත්‍යන්තර ආහාර උළෙල සහ සංස්කෘතික ප්‍රදර්ශනය 2023’ ඉකුත් සිකුරාදා (ඔක්තෝබර් මස 6) දින නකෝරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයේ ජාත්‍යන්තර PX සංකීර්ණය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.
2023-10-11 23:02:30
74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ගෞරවනීය ‘යුද්ධ හමුදාධිපති ප්රශංසනාත්මක’ ලාංඡන ප්රදානය කිරීමේ වැඩසටහනක් පනාගොඩ පැවති යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයේදී පැවැත්වූ අතර, එහිදි යුද්ධ හමුදාවට අභිමානයක් සහ කීර්තියක් අත්කරදුන් නිලධාරීන් 23 දෙනෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකු වෙත ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසා’ ලාංඡන ප්රදානය කරනු ලැබීය.
2023-10-11 18:51:59
සහන සේවාවල නිරතව සිටින 61 පාබල සේනාංකයේ භටපිරිස් අත්තුඩාව, නරිදූව, නායිම්බල සහ තිහාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයන් වෙත පීසූ ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය පැය 48 තුළදී ද අඛණ්ඩව සිදුකරනු ලැබීය.
2023-10-11 17:51:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 9) දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-10-11 17:48:14
චීනයේ, හෑන්ග්හෝ ප්‍රදේශයේ පසුගිය දා පැවති ‘19 වන ආසියානු ක්‍රීඩා උළලේ’ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 10) දින කොළඹ, බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත සපැමිණි අතර එහිදී ඔවුන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදෙනු ලැබීය.
2023-10-09 22:02:57
වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ස්ථාපිත කර අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දිනට වසර 74 ක් සැපිරෙන මේ මොහොතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් පිළිබඳ මතකය මෙලෙස දිගහැරේ. එතුමන් 1949 වසරේ යුද්ධ හමුදාවට බැඳී මේවන විට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාය.
2023-10-09 21:59:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2023-10-09 21:54:46
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ගරු කථානායකතුමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 08) දින ගංවතුරෙන් විපතට පත්වූ මාතර ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය. එහිදී ඔවුන් ආපදාවට පත් ප්‍රදේශයේ ජනතාව හමු වූ අතර, යුද්ධ හමුදාව සිදුකරනු ලබන වෙහෙසකර ගංවතුර සහන මෙහෙයුම් කටයුතු ඇගයීමට ලක් කළහ.