Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2023 17:51:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 9) දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එතුමත් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී විශේෂ පීඨිකාව වෙත කැටුව ඒමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළය.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය.

නව සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

නව සේනාවිධායකතුමන් සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් එතුමන් වෙත පිරිනැමූ සියලු ගෞරවාචාරයන් වෙනුවෙන් සිය ස්තූතිය පුදකරමින් වරස 142 ක අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ඉතිහාසය ආරක්‍ෂා කළයුතු බව අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, කර්නල් සම්බන්ධීකරණ, සම්බන්ධීකරණ නිලධාරීන්, ස්වෙච්ඡා ඒකකයන්ගේ අණදෙන නිලධාරින් ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.