2024-02-07 11:43:51
4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කමල් හරිශ්චන්ද්‍ර මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වය මත අනුරාධපුර, ‘සිඟිති අරුණළු’ පෙර පාසලේ අධ්‍යාපනය ලබන අඩුආදායම් ලාභී පවුල්වල ළමුන් 07දෙනෙකු සඳහා රුපියල් 80,000.00 වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 03) දින සිදුකරන ලදී.
2024-02-06 15:35:53
එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක වන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 9 වන කණ්ඩායම සඳුදා (පෙබරවාරි මස 05) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.
2024-02-06 15:34:50
76 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රජාව සමඟ ඇති සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින ඉරණමඩු ‘නෙළුම් පියස’ රඟහලේදී සංස්කෘතික උත්සවයක් පවත්වන ලද අතර, එහිදී පාසල් ළමුන් 103 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක්ද පවත්වනු ලැබීය.
2024-02-06 15:33:50
ජාතික නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්. සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය හා 511 පාබල බලසේනාවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින කන්කසන්තුරේ, වෙරළ තීරයේ සරුංගල් යැවීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.
2024-02-06 15:32:24
76 වන නිදහස් දිනයට සමගාමීව 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 523 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04 ) දින 7 විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-02-06 15:30:01
76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 22 පාබල සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද දේශන ශාලාව, රූපවාහිනී නැරඹුම් මැදිරිය සහ විවේකාගාරය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 4 ) දින විවෘත කර භටපිරිස් වෙත පවරා දෙන ලදී.
2024-02-06 09:14:13
582 පාබල බලසේනාවේ භටපිරිස්හි සහය ඇතිව හොරණ, වවුලගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 50 දෙනෙකු වෙත සහ එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු හමුදා සහ සිවිල් සේවක සාමාජිකයන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ සුභසාධන වැඩසටහනක් 582 පාබල බලසේනා පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින ක්‍රියාත්මක කරනු ලැබූහ.
2024-02-05 19:42:56
කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 02) දින 1 බලකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2024-02-05 19:40:50
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින 55 පාබල සේනාංකයේ නිල සංචාරය අතරතුරදී කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් රූබවතී කේතීස්වරන් මහත්මිය හමුවිය.
2024-02-05 19:32:12
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ උපදෙස් මත අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් පසුගිය අඟහරුවාදා ( ජනවාරි මස 30) දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල පරිශ්‍රයේදී නව නිවාඩු නිකේතනය ඉදිකිරීම සදහා මුල්ගල තැබීය.