Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2024 15:33:50 Hours

රාජකාරියේ නියතු දීප ව්‍යාප්ත යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙයි

ජාතික නිදහස් දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්. සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය හා‍ 511 පාබල බලසේනාවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින කන්කසන්තුරේ, වෙරළ තීරයේ සරුංගල් යැවීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

උත්සවය අතරතුර දී සහභාගී වූවන්ට භටපිරිස් විසින් අයිස්ක්‍රීම් ලබා දීම සිදුකරන ලදී. උත්සව අවස්ථාව වර්ණවත් කරමින් සංගීත සංදර්ශනයක් ද පැවැත්වූ අතර, එම අවස්ථාවට සහභාගි වූ ළමුන්ට සිය ගායන, නර්ථන දක්ෂතා පෙන්වීමට අවස්ථාව උදාවිය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

ජාතික නිදහස් දින වෙනුවෙන් 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා 11 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.

තවද, ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව 521 පාබල බලසේනාවේ සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින චිදම්බරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී සුහද ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.

දේශීය කණ්ඩායම් 14 ක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී සහභාගී විය.

කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම්, වෙල්වැටිතුරේ රෝහලේ වෛද්‍යවරුන්, චිදම්බර විද්‍යාලයේ විදුහල්පති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, වෙල්වැටිතුරේ පොලිස් ස්ථානාධිපති, ප්‍රජා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණ සිටියහ.

මේ අතර, 76 වන නිදහස් දින සැමරුමට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ භටපිරිස් මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තෝරාගත් පවුල් 29 ක් වෙත පොල් පැළ 2000 ක් බෙදාදෙනු ලැබීය.

මුලතිව් ප්‍රදේශයේ යෝජිත පොල් ත්‍රිකෝණ ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී සහභාගී විය.

තවද, නිදහස් දිනයට සමගාමීව 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වැලිකන්ද, මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලය, හිඟුරක්ගොඩ රෝහල, සිළුමිණ සෑය රජමහා විහාරය, වාකරේ මහජන ක්‍රීඩාංගණ පරිශ්‍රය, සිංහපුර මාතෘ සායන මධ්‍යස්ථානය සහ වාකරේ රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. 231, 232, සහ 233 පාබල බලසේනාවන්, 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 7 ගැමුණු හේවා බලකාය, 12 ගැමුණු හේවා බලකාය සහ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව යන ඒකකයන්හි භටපිරිස් මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

76 වන නිදහස් දිනයට සමගාමීව 24 පාබල සේනාංක බලප්‍රදේශයේ නිදහස් දින උත්සවයක් සංවිධානය කරනු ලැබු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතර ඒ සමඟින් 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස්. කුමාරසිංහ ද සහභාගි විය.

මෙම උත්සවය කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සම්මේලනය සහ ප්‍රදේශයේ ඉස්ලාමීය ආයතන විසින් කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පවත්වනු ලැබීය.

76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව 12 ගැමුණු හේවා බලකායේ භටපිරිස් 2024 පෙබරවාරි මස 05 දින දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් සහ අත්‍යාවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපැවැත්ම අරමුණු කරගනිමින් මෙම වැඩසටහනට සමගාමීව 12 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා 12 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

76 වන නිදහස් දිනයට සමගාමිව 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කින්නියා, සුරංගල්, නාදඋත්තු සුනාමි ගම්මානයේ ‘පවර් බෝයිස් මීඩියා’ සමඟ එක්ව ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් කින්නියා සුනාමි ගම්මානයේදී සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්වීය

76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් සූරියපුර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ, මහවැලි ගංඉවුරේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී