Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2024 11:43:51 Hours

4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සම්බන්ධීකරණයෙන් පෙර පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාගයක්

4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කමල් හරිශ්චන්ද්‍ර මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වය මත අනුරාධපුර, ‘සිඟිති අරුණළු’ පෙර පාසලේ අධ්‍යාපනය ලබන අඩුආදායම් ලාභී පවුල්වල ළමුන් 07දෙනෙකු සඳහා රුපියල් 80,000.00 වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 03) දින සිදුකරන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් 212 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිතුමන් සහ 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරීතුමන් සහභාගී වූහ.