05th February 2024 19:32:12 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ උපදෙස් මත අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් පසුගිය අඟහරුවාදා ( ජනවාරි මස 30) දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල පරිශ්‍රයේදී නව නිවාඩු නිකේතනය ඉදිකිරීම සදහා මුල්ගල තැබීය.
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය, කඳවුරු සහ කොළඹ ප්‍රදේශයේ පරිපාලන අවශ්‍යතා සපුරාගැනීමට පැමිණෙන නිලධාරීන්, භටපිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීමේ අරමුණයි.
නිවාඩු නිකේතනය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරී සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.