Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2024 15:35:53 Hours

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටි 9 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක වන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 9 වන කණ්ඩායම සඳුදා (පෙබරවාරි මස 05) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ET 8606 දරණ මගී ගුවන් යානයකින් සඳුදා (පෙබරවාරි මස 05) දින අළුයම 0650 ට පමණ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී, අධ්‍යක්‍ෂ ජෙනරාල් ගමන් පාලන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

2023 පෙබරවාරි මස 02 වන දින එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක වන දෙවන මට්ටමේ රෝහල් රාජකාරී සඳහා මෙරටින් පිටත්ව ගිය 9 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් 49 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජිකයින් 66 දෙනෙකුගෙන් සමන්විත වූහ. එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් කර්නල් එම්.පී.එස්.ආර් අමරසේකර යූඑස්පී සහ දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් ජේ.ඒ.ඩී.සී.එච් ජයසිංහ කටයුතු කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා දකුණු සුඩානය බලා පිටත්ව යන 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම පෙබරවාරි මස 06 වන දින රාජකාරි භාර ගැනීමෙන් පසුව 9 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ සෙසු පිරිස මෙරට බලා පැමිණෙනු ඇත.