Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2024 15:34:50 Hours

76 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් 55 පාබල සේනාංකයේ භටපිරිස් සංස්කෘතික උත්සවයක් පවත්වයි

76 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රජාව සමඟ ඇති සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින ඉරණමඩු ‘නෙළුම් පියස’ රඟහලේදී සංස්කෘතික උත්සවයක් පවත්වන ලද අතර, එහිදී පාසල් ළමුන් 103 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් හා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

‘අලුත් රටක් හදමු’ යන තේමාව සංකේතවත් කරමින්, සිංහල, දමිළ සහ මුස්ලිම් ජාතීන්ගේ සංස්කෘතීන් අංගයන් නියෝජනය කරමින් මෙම උත්සවය පැවැත්වීය. මෙම අවස්ථාවට සහභාගී වූ පූනකරි සරඋනාපොයිකායි නැටුම් ඇකඩමිය, තිරිවල්ලුව දමිළ පාසල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නර්තන කණ්ඩායම සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නර්තන කණ්ඩායම ඇතුළු විවිධ නර්තන ශිල්පීන්ගේ නර්තනාගයන් තුලින් එම උත්සවය වඩාත් අලංකාර විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස දිස්ත්‍රික්ක ලේකම් ආර් කේතීස්වරන් මහත්මිය (R Ketheeswaran) සහභාගී වූ අතර, කඳවේලි, කරච්චි ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසිය ද මෙම සංස්කෘතික උත්සවයට සහභාගී විය.

මෙම වර්ණවත් අවස්ථාවට නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.