Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2024 19:42:56 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක, 1 බලකායේ බලකාධිපති හමුවෙයි

කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 02) දින 1 බලකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගී එස්එම් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම ද්විපාර්ශවීය හමුවේදී ඔවුන් 1 බලකා බලප්‍රදේශයේ ආරක්‍ෂාව, ප්‍රජා සංවර්ධනය සහ සිවිල්-හමුදා සහයෝගීතාවය ආදී කරුණු පිළිබඳව සාකඡ්චා කරනු ලැබීය.

සුහද හමුව අවසානයේදී 1 බලකායේ බලකාධිපතිතුමන් සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. මෙම අවස්ථාවට 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ද නිලධාරීද සහභාගී විය.