2024-05-09 17:58:20
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 මැයි මස 07 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූයේය.
2024-05-09 17:54:31
කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 34 වන සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 මැයි මස 06 දින හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-05-09 17:50:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝහල නාරාහේන්පිට 2014 මැයි මස 05 දින ආරම්භකර වසර 10ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් නිලධාරීන්, සෙසු නිලයින් සහ විශ්‍රාමික සේවා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. එම උත්සවය සාර්ථක කරගැනීම සඳහා නාරාහේන්පිට කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සහයෝගය ලබාදෙන ලදී.
2024-05-09 05:55:51
යුද්ධ හමුදා මූලස්ථානය අසළ පිහිටි අක්කර 8.5 ක භූමි ප්‍රමාණයකින් යුත් කුඹුරු යාය අස්වැද්දීම මැයි මස 8 වන දින සිදුකරන ලද අතර, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-05-08 17:41:11
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 03 දින සිට 2024 මැයි මස 05 දින දක්වා 24 පාබල සේනාංක මූලස්ථානයේ සහ එම මූලස්ථානය යටතේ ඇති පාබල බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයන්වල නිරත වූයේය.
2024-05-08 17:29:09
232 පාබල බලසේනාව ‘රොෂාන් මහානාම භාරය’ සංවිධානය සමඟ එක්ව පුන්නකුඩා, ‘නැගෙනහිරු’ පෙර පාසලේ ළමුන් සඳහා ඉදිකර දුන් වැසිකිළි සංකීර්ණය මැයි 04 දින පැවති උත්සවයක දී ඔවුන් වෙත පවරා දුන්හ.
2024-05-08 17:18:56
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර පනාගොඩ, යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේදී මැයි 07 වන දින පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට හිමිවිය.
2024-05-08 17:16:57
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත, ජාතික මට්ටමේ පිහිනුම් පුහුණු වැඩසටහනක් 2024 මැයි 03 දින සිට 06 දින දක්වා පේදුරු තුඩුව, වෙල්වැටිතුරෙයි මහ නගර සභා පිහිණුම් තඨාකයේදී පැවැත්විණි.
2024-05-08 17:15:02
10 ශ්‍රී ලංකා සංඥා බලකායේ 9 වන සංවත්සර දිනය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ටී.ටී.එන් මෙන්ඩිස් යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් 29 වන දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත් වූහ.
2024-05-08 05:46:46
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස පත්වීම් ලැබූ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී ඇතුළු එම ආරක්ෂක භට කණ්ඩායමේ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු 2024 මැයි 02 දින ලෙබනනයේ බේරූට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති අතිගරු කපිල සුසන්ත ජයවීර මහතා හමුවිය.