Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2024 17:41:11 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර 24 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 03 දින සිට 2024 මැයි මස 05 දින දක්වා 24 පාබල සේනාංක මූලස්ථානයේ සහ එම මූලස්ථානය යටතේ ඇති පාබල බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයන්වල නිරත වූයේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින්, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව එම සේනාංකයේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. පසුව, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම සේනාංක බලප්‍රදේශයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව එතුමන් දැනුම්වත් කළේය.

අනතුරුව, එතුමන් භටපිරිස් අමතා සෑම විටම යුද්ධ හමුදාව තුල විනය, වෘත්තීයභාවය සහ කැපවීමෙන් යුතුව රාජකාරීන් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

අනතුරුව, 241 පාබල බලසේනාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර,එහිදී එම බලසේනාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව එතුමන්ව දැනුවත් කරනු ලැබීය.

මෙම සංචාරයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 24 වන පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සහ ගඩොල් නිශ්පාදන ව්‍යාපෘතියේ ප්‍රගතියද නිරීක්ෂණය කරන ලදී. එහිදී, එතුමන් එම ව්‍යාපෘතිවල සේවය කරන භට පිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගනිමින් මෙම ව්‍යපෘතීන් සඳහා ඔවුන්ගේ කැපවීම අගය කළේය.

ඉන් අනතුරුව, එතුමන්, 242, 243 පාබල බලසේනාවන්හි සහ 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතද සංචාරයේ යෙදුනු අතර, එහිදීද එතුමන්ව එම බලසේනාවන්හි සහ ඒකකයන්හි කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරනු ලැබීය.