08th May 2024 17:15:02 Hours
10 ශ්‍රී ලංකා සංඥා බලකායේ 9 වන සංවත්සර දිනය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ටී.ටී.එන් මෙන්ඩිස් යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් 29 වන දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත් වූහ.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ඒකකයේ අණදෙන නිළධාරීතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී වූ එතුමන් එහිදී එම ඒකකයේ ක්‍රීඩා තරඟ ජයග්‍රාහකයින්ට කුසලාන ප්‍රදානය කරන ලදී.
සංවත්සර දිනය නිමිත්තෙන් ඒකකයේ භටපිරිස් වෙත ආශිර්වාද එක්කරමින් බෝධි පූජා පිංකමක් සංවිධානය කරන ලද අතර, මීගොඩ සංහිඳ ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය. සංවත්සර උත්සවයට එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.