08th May 2024 05:46:46 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස පත්වීම් ලැබූ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී ඇතුළු එම ආරක්‍ෂක භට කණ්ඩායමේ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු 2024 මැයි 02 දින ලෙබනනයේ බේරූට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති අතිගරු කපිල සුසන්ත ජයවීර මහතා හමුවිය.
එම අවස්ථාවේදී තානාපතිතුමන් විසින් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙරට සාම සාධක භටපිරිස් ලබා ඇති කීර්තිය පිළිබඳව අදහස් දැක්වීය. මෙම හමුව අවසානයේ 15 වන මුලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරිතුමන්, තානාපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.