Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2024 17:16:57 Hours

පේදුරු තුඩුවේදී පවත්වනු ලැබූ ජාතික මට්ටමේ පිහිනුම් පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත, ජාතික මට්ටමේ පිහිනුම් පුහුණු වැඩසටහනක් 2024 මැයි 03 දින සිට 06 දින දක්වා පේදුරු තුඩුව, වෙල්වැටිතුරෙයි මහ නගර සභා පිහිණුම් තඨාකයේදී පැවැත්විණි.

52 පාබල සේනාංකය, 521 පාබල බලසේනාව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදී. ප්‍රදේශයේ පාසල් ළමුන් අතර පිහිනුම් කුසලතා වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. ඒ සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සහයෝගයද හිමි විය.

පුහුණු වැඩසටන සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් අවසන් දින සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණි. එහිදී පාසල් ළමුන් 225 දෙනෙකු වෙත ඔවුන්ගේ හැකියාවන් අගයමින් සහතිකපත් ප්‍රදානය කරන ලදී.