09th May 2024 17:50:21 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝහල නාරාහේන්පිට 2014 මැයි මස 05 දින ආරම්භකර වසර 10ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් නිලධාරීන්, සෙසු නිලයින් සහ විශ්‍රාමික සේවා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. එම උත්සවය සාර්ථක කරගැනීම සඳහා නාරාහේන්පිට කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් සහයෝගය ලබාදෙන ලදී.
සංවත්සරය දිනය වෙනුවෙන් 2024 අප්‍රේල් මස 23 සහ 27 දෙදින තුළ නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේ සහ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වූ අතර, අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
රට වෙනුවෙන් දිවිපිදූ, රණක්‍ෂිතයට පත්වූ, රෝගී තත්ත්වයේ පසුවන රණවිරුවන්ට සහ සමස්ථ යුද්ධ හමුදා සාමාජිකයන්ට ආශිර්වාද පතා 2024 මැයි 4 වන දින ධර්ම දේශනාවක් පවත්වන ලද අතර, අනතුරුව මහා සංඝරත්නය 25 නමක් උදෙසා හීල් දානයක පිරිනැමීය.
සංවත්සර සැමරුම වෙනුවෙන් 2024 මැයි මස 06 දින සියලු භටපිරිස් අමතා සුහදත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය.
සංවත්සර දින වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී , කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී රත්නායක යුඑස්පී, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ,බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී විජේරත්න, නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් ද සහභාගී වූහ.