Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2024 05:55:51 Hours

යුද්ධ හමුදා මූලස්ථානය අසළ අක්කර 8.5 ක කුඹුරු යාය අස්වද්දයි

යුද්ධ හමුදා මූලස්ථානය අසළ පිහිටි අක්කර 8.5 ක භූමි ප්‍රමාණයකින් යුත් කුඹුරු යාය අස්වැද්දීම මැයි මස 8 වන දින සිදුකරන ලද අතර, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

අස්වැද්දීම ආරම්භයේ සිට අස්වනු නෙලීම දක්වා සියළු කටයුතු නවීන තාක්‍ෂණයන්ට අනුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති අතර උසස් තාක්‍ෂණික ක්‍රම භාවිතයෙන් කෘෂිකාර්මික කටයුතු ඵලදායි ලෙස සිදුකිරීමට හැකියාව ලැබේ.